• RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube

ජීවන මාර්ගයේ භාදක

එක්තරා රජ කෙනෙක් පාරක් මැද එය අවහිර වෙන ලෙස විශාල ගලක් තබා පැත්තකට වී සැගවී සිටියාළු. ඔහුගේ ධනවත්ම වෙලෙන්දන් සහ ඇමතිවරුන් එය දැක එය මගහැර ගමන් ගනු ලැබුවා. බොහෝ දෙනා හැමෝටම ඇසෙන පරිදි පාර අවහිර නොවන ලෙස තබා ගැනීමට රජුට නොහැකි බව පවසමින් එය මගහැර ගියාලු ගලට කිසිවක් නොකරම.

ඊලගට එතනින් ගොවියෙක් යන්නට ගියාලු එලවළු කදකුත් රැගෙන. ඔහු ඔහුගේ ගමන නවතා බොහෝඅමාරුවෙන් අර ගල අයින් කිරීමට උත්සාහ කර බොහෝ අපහසුවෙන් අවසානයේ ගල අයින් කරනු ලැබුවා.

ඊලගට තමාගේ එලවළු කද ලගට යන විට ගල තිබූ තැන රන්කාසි මල්ලක් දුටුව අතර තුල රජතුමාගේ පණිවිඩයක් සටහන් කර තිබුනා. එහි සදහන් වී තිබුනේ මෙම රන්කාසිි මල්ල අර බාධකය ඉවත් කළ තැනැත්තාට ලැබෙන බවයි.

ගොවියා අපි කාටවත් නොතේරෙන පාඩමක් ඉගෙන ගනු ලැබුවා. එනම් සෑම බාධාවක්ම අපගේ තත්වය වර්ධනය කර ගැනීමට උදව්වකි.

0 comments:

Post a Comment