• RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube

ඔබට සේවය කරන අය අමතක නොකරන්න

අවුරුදු 10 ක් පමණ වයසැති ළමයෙක් හෝටලයකට ඇතුලු වී sundae නැමති අයිස්ක්‍රීම් වර්ගයේ මිල විමසා සිටියා එතැන සේවය කරනු ලබන සේවිකාවගෙන් “$ 0.50” යි ඇය පිළිතුරු දුන්නා.

කුඩා ළමයා තම පසුම්බිය රැගෙන තමා සතු මුදල් පුමානය ගණන් කර නැවතත් විමසුවා “හොදයි සාමාන්‍ය අයිස්ක්‍රීම් එකක් කීයද ?” මේ වන විට සෑහෙන පිරිසක් තව සේවය බලාපොරොත්තුවෙන් සිටින නිසා ඇය නොයිවසිලිමත් හා රළු ලෙස $0.35 ලෙස දැනුම් දුන්නා.

ඔහු නැවතත් ගණන් කර “හොදයි මට එහෙනම් සාමන්‍ය එකක් දෙන්න” යයි පැවසුවා. ඇය එය ලබා දුන් අතර ඔහු පසුව බිල ගෙවා පිටවුනා. ඇය ඔහුගේ පීරිසිය ගැනීමට පැමිනි විට දුටු දෙයින් හඩන්නට පටන් ගත්තා. එහි තිබුනේ ඇයගේ ටිප් එක ලෙස $ශත 15ක්.

එනම් ඔහු ඇයගේ ටිප් එක ගැන නොසිතුවා නම් ඔහුට තම කැමතිම ව‍ර්ගයේ අයිසස්ක්‍රීම් රස බැලීමට තිබුනා.

0 comments:

Post a Comment